මල් පොහොර යොදද්දි ගොඩක් අය නිතර කරන වැරදි 10 ක් – Fertilizing Tips & Tricks | ගෙවතු වගාව


අද අපි ගෙවතු වගාව
විශේෂාංගය තුලින් කතාකරන්න බලාපොරොත්තු
වෙන්නෙ මල් වගාව සඳහා පොහොර යොදද්දි
ගොඩක් අය නිතර කරන වැරදි 10 ක් පිළිබඳවයි. 1. පත්‍ර වලටත් පොහොර
ඉසීම. ගොඩක් අය පොහොර දාද්දි
මල් පැල වල පත්‍ර වලටත් වැටෙන විදියට
තමයි පොහොර යොදන්නෙ. එහෙම උනාම මල් පැලවල
පත්‍ර හානි වෙලා ගහේ වර්ධනය අඩුවෙලා
මල් අස්වැන්නත් අඩුවෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒක නිසා පොහොර යොදද්දි
මල් පැලවල සහ ශාකවල මුල් ප්‍රදේශයට පමණක්
යෙදීම සුදුසුයි. 2. ශාකයේ පැල කාලයේදී
පොටෑසියම් අධික පොහොර යෙදීම. සාමන්‍යයෙන් ඕනෑම
ශාකයක් මුල් කාලයේදී ශාක මුල්, කඳ සහ පත්‍ර
වර්ධනය වීමට තමයි ප්‍රමුඛස්ථානය දෙන්නෙ. ඒකට අවශ්‍ය වෙන්නෙ,
බොහෝවිට මුල් සහ කඳ වර්ධනයට පොස්පරස්
සහ ශාක පත්‍ර වර්ධනයට නයිට්‍රජන්. ඒක නිසා මුල් කාලයේදී
ශාක ප්‍රජනනයක් වෙන්නෙ නැති හින්දා පොටෑසියම්
අධික පොහොර දාන්න අවශ්‍ය නැහැ. එහෙම දැම්මොත් වෙන්නෙ
මල් ටිකකුත් ඇවිල්ලා පැලවල මුල්, කඳ සහ
පත්‍ර වර්ධනය අඩු වෙලා මල් පැලවල සරු
බව අඩුවෙලා පසු කලෙක මල් අස්වැන්න දිගටම
අඩුවීමයි. 3. හිතුමතේ පොහොර යෙදීම. ගොඩක් අය පොහොර පැකට්
එකක් ගත්තහම ගොඩක් වෙලාවට එක පැලයකට
යොදන්න ඕනා පොහොර ප්‍රමාණය ගැන හිතන්නෙ
නැහැ. හිතුමතේ දාගෙන යනවා. යම් හේතුවක් නිසා
පොහොර ප්‍රමාණය වැඩි උනොත් ශාක මුල් තැම්බිලා
ඒ වගේම ගහේ කොළ හැලෙන්නත් පටන් ගන්නවා. ගොඩක් වෙලාවට මල්
පැල මැරෙන්නත් පුළුවන්. 4. පොහොර වර්ග කිහිපයක්
එකවර දැමීම. මේකත් ගොඩක් අය කරන
වැරැද්දක්. සමහර අය පොහොර වර්ග
මිශ්‍ර කරලා මල් පැල වලට දානවා. උදාහරණයක් විදියට
නිල්කැටයි දම්කැටයි මිශ්‍ර කරලා දැමීම. සමහරවිට ඊට පස්සෙ
K-40 වගේ දේකුත් ස්ප්‍රේ කරනවා. එතකොට මල් පැල වලට
හානි වීමක් සිදුවෙන්න පුළුවන්. 5. පැල වල මුල් පෙදෙස
හාරා පොහොර යෙදීම. සමහර අය මේ වැරැද්දත්
බහුලව කරනවා. පැලවල මුල් පෙදෙස
හාරපුවම මුල් කැඩෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒක නිසා පැල මැරෙන්න
තියෙන ඉඩකඩ වැඩියි. 6. අධික වැසි කාල වල
පොහොර යෙදීම. ගොඩක් අය නොදැනුවත්කම
නිසා මේ වැරැද්දත් කරනවා. මේකෙන් පැල වලට නම්
හානියක් වෙන්නේ නැහැ, ඒත් පොහොර ටික අපරාදෙ. ඒ කියන්නෙ අධික ලෙස
වර්ෂා ජලය සමග පොහොර මල් පෝච්චි වල පහළ
සිදුරු තුලින් ඉවත් වෙනවා. බොහෝවිට පැල වලට
උරාගන්නෙත් නැහැ. 7. ස්ප්‍රේ පොහොර ජලයේ
දිය කිරීමට පෙර Liquor Ratio එක පිළිනොපැදීම. මේකත් ගොඩක් අය කරන
වැරැද්දක්. ඒ කියන්නෙ ජල ලීටරයක
දියකරන පොහොර ග්‍රෑම් ප්‍රමාණය අවශ්‍ය
ප්‍රමාණයට වඩා වැඩියෙන් යෙදීමයි. එහිදී ජල ලීටරයක
අඩංගු පොහොර ප්‍රමාණය වැඩි නිසා ස්ප්‍රේ
කල පසු සමහර අවස්ථාවල මල් පැල මියයාමට
ඇති ඉඩකඩ වැඩියි. 8. දියරමය පොහොර හෙවත්
ස්ප්‍රේ පොහොර යෙදීමේදී මල් සහ පොහොට්ටු
වලටත් ස්ප්‍රේ කිරීම. මේකත් ගොඩක් අය කරන
වැරදි වැඩක්. මෙහෙම ස්ප්‍රේ කලාම
සමහර මල් පොහොට්ටු කුණු වෙන්නත්, සමහර
මල්පෙති හැලෙන්නත් තියෙන ඉඩකඩ වැඩියි. ස්ප්‍රේ පොහොර යෙදීමේදී
ශාක පත්‍ර සහ මුල් තෙමී යනසේ ස්ප්‍රේ
කිරීම පමණක් සුදුසුයි. 9. අක්‍රමවත්ව පොහොර
නැවත නැවත යෙදීම. ගොඩක් අය පොහොර නැවත
යොදන්න අවශ්‍ය අවම දින ගණන දන්නෙ නෑ. ඒක පොහොර Box එකේ පිටිපස්සෙ
සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නෙ පොහොර
නැවත යෙදීම අඩු දින ගනනකින් සිදුවුනහොත්
අධික පොහොර සාන්ද්‍රනයක් පසට එකතු වෙන්න පුළුවන් ඒකෙන් පැලවලට හානි
වෙන්නත් පුළුවන්. 10. අවසාන කරුණ විදියට
කල් ඉකුත්වූ පොහොර යෙදීම විස්තර කරන්න
පුළුවන්. ගොඩක් අය පොහොර එකේ
Expiary date එක ගැන හිතන්නෙවත් නැහැ. ඒ වගේම පොහොර පින්න
සහ තෙමෙන තැන්වල ගබඩා කරලා තියෙනවා. ඒකෙන් පොහොර වල ගුණාත්මක
භාවයට හානි වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ වගේ පොහොරක් මල්
පැලවලට දැමීමට ගොඩක් වෙලාවට වෙලාවට වැඩක්
වෙන්නේ නැහැ. ඉතිං යාළුවනෙ මම
හිතනවා මේ වීඩියෝ එක ඔයාට ප්‍රයෝජනවත්
වෙන්න ඇති කියලා. ඒ වගේම අපිව Subscribe කරන්නත්
අමතක කරන්න එපා. Bell icon එක Click කලොත් අපේ
අළුත් වීඩියෝ එක Upload කරපු ගමන්ම ඔයාට
දැනගන්නත් පුළුවන්.

19 Replies to “මල් පොහොර යොදද්දි ගොඩක් අය නිතර කරන වැරදි 10 ක් – Fertilizing Tips & Tricks | ගෙවතු වගාව”

  1. ස්තුතියි !ගොඩක් වැදගත් අදහස් ටිකක් දැන ගන්නට ලැබුණා !

  2. Mal wagawata pela kalaye,mal hedenna wage awastha wala bawitha krnn ona pohora gena denuwath krnn.

  3. aththatama godak watina adahas tikak danaganna labuna … tikak himin kiyana hinda hodata therum ganna pluwan godak sthuthi

  4. මල් වලට පෝර දාන්න කලින් ඔයා සමපෝෂ ටිකක් කන්නකෝ..

  5. FROM THE WAY YOU TALKED I NOTICED THATYOU ARE LACKING A SOUND KNOWLEDGE IN THE MATTER OF APPLYING FERTILIZERS..
    BASICALLY THERE ARE TWO TYPES OF FERTILIZERS.
    NO.01….
    FERTILIZERS ABSORBED BY ROOT SYSTEM AND THE STEMS..
    MOSTLY IT COMES IN POWDER FORM AND GRANULAR FORM…
    NO 02….
    FERTILIZERS ABSORBED BY FOLIAGE.COMING .IN LIQUID FORM.EX..MAXICROP.
    APPLICATION RATES GIVEN IN THE PACK…DON'T EXCEED THE RECOMMENDED DOSE…
    YOUR PRESENTATION IS NOT UP TO THE MARK..

  6. MORE THAN EVERYTHING
    WATERING AFTER MANURING IS A MUST.
    APART FROM THAT YOUR GUIDELINES ARE CORRECT UP TO A CERTAIN LEVEL….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *